අක්‍රමවත් පරිපාලනය සහ කළමණාකරණ දුර්වලතා නිසා සෙවනගල සීනී කර්මාන්ත ශාලාව වැසී යාමේ දැඩි අවධානමක් මතුවී ඇති බව උක්වගා කරුවන් පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට පත් කර ඇති ප්‍රධාන නිලධාරීන් කිසිවෙකුට මෙම කර්මාන්තය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බවයි.
1986 වසරේ ලංකා සීනි සමාගමට අනුබද්ධව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ, මෙරට සීනි අවශ්‍යතාව සීයයට සීයයක් දේශීයව සපුරා ගැනීමේ අරමුණින්.
නමුත් 1957 වසරේ ආරම්භ කෙරුණු කන්තලේ සීනී කර්මාන්ත ශාලාවේ සිදු වූ විවිධ කඩා වැටීම් සමග සෙවනගල සීනී කර්මාන්ත ශාලාවද අඩපණ වුණා අවස්ථා රැසකදී විවිධ ගැටලු හේතුවෙන් විටින් විට නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දමන සෙවනගල සීනි කම්හල පසුගිය වසර කිහිපය පුරා සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන්නේ මෙරට සමස්ථ සීනි අවශ්‍යතාවයෙන් සියයට 10ක ප්‍රමාණයක් සපුරාලමින්.
මේ වන විට සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අක්කර 25,000කට අධික ප්‍රමාණයක උක් වගා කරන අතර ගොවීන් චෝදනා කරන්නේ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සෙවනගල සීනී කර්මාන්ත ශාලාව වැසී යාමේ අවධානමක් මේ වනවිට මතුව ඇති බවයි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිශ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩ ගසා ඇති බවත් ගොවීන් පවසනවා.
Latest News
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු
Local
14 June 2026
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026