
අක්‍රමවත් පරිපාලනය සහ කළමණාකරණ දුර්වලතා නිසා සෙවනගල සීනී කර්මාන්ත ශාලාව වැසී යාමේ දැඩි අවධානමක් මතුවී ඇති බව උක්වගා කරුවන් පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට පත් කර ඇති ප්‍රධාන නිලධාරීන් කිසිවෙකුට මෙම කර්මාන්තය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බවයි.
1986 වසරේ ලංකා සීනි සමාගමට අනුබද්ධව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ, මෙරට සීනි අවශ්‍යතාව සීයයට සීයයක් දේශීයව සපුරා ගැනීමේ අරමුණින්.
නමුත් 1957 වසරේ ආරම්භ කෙරුණු කන්තලේ සීනී කර්මාන්ත ශාලාවේ සිදු වූ විවිධ කඩා වැටීම් සමග සෙවනගල සීනී කර්මාන්ත ශාලාවද අඩපණ වුණා අවස්ථා රැසකදී විවිධ ගැටලු හේතුවෙන් විටින් විට නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දමන සෙවනගල සීනි කම්හල පසුගිය වසර කිහිපය පුරා සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන්නේ මෙරට සමස්ථ සීනි අවශ්‍යතාවයෙන් සියයට 10ක ප්‍රමාණයක් සපුරාලමින්.
මේ වන විට සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අක්කර 25,000කට අධික ප්‍රමාණයක උක් වගා කරන අතර ගොවීන් චෝදනා කරන්නේ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සෙවනගල සීනී කර්මාන්ත ශාලාව වැසී යාමේ අවධානමක් මේ වනවිට මතුව ඇති බවයි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිශ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩ ගසා ඇති බවත් ගොවීන් පවසනවා.
Latest News
අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
19 July 2025

විදුලිය විසන්ධි වුණොත් හැටන් ස්ටේෂම රෑට අඳුරේ
Local
19 July 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025
