International19 June 2025

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා කාලය දීර්ඝ කෙරේ

ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සදහන් කළේ, රැකියා, සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවයි. 
 
එමෙන්ම, යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 04 දෙනාගෙන් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් ගැන දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළා. 
 
එමෙන්ම, තානාපති කාර්යාලයේ සති අන්ත නිවාඩු දින දෙකෙහිම ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළා. 
 
මේ අතර 06 වන දිනටත් ඉරානය ඊශ්‍රායලයේ නාගරික කලාප ඉලක්ක කොට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඒවා සියල්ල ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් විනාශ කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes