General22 June 2026

"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට බස්වලින් ගමන් කළේ ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

එම කාලයේ අද මෙන් ජංගම දුරකථන නොතිබූ බවත්, සරසවිය තුළ ජංගම දුරකථනයක් තිබුණේ තමන් ළඟ පමණක් බවත් අමාත්‍යවරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් සඳහන් කළා.

තමන් එකළ අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදී අතීතය සිහිපත් කළා.

එජාප රජය ගෙන ආ ධවල පත්‍රිකාව ගැන ජනතාව දැනුවත් කිරීමට ගමන් කරමින් සිටින දිනයක, බත් ඉල්ලා හැඬූ සිසුවෙකුට අතේ තිබුණු මුදලින් ආහාර ලබාදුන් බවද අමාත්‍ය හවුන්නෙත්ති කියා සිටියා.

පසුව බස් රථයට මුදල් නොදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා ගමන් කළ බවද ඔහු පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes