General13 August 2025

නව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය වැඩභාර ගනියි

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය සිය ධුරයේ වැඩභාරගෙන තිබෙනවා.

අදාළ පත්වීමේ ලිපිය ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීම රජයේ අරමුණ බවයි.

දුම්රියට ආදරය කරන බොහෝ පිරිසක් සිටින අතර ඔවුන් සහ සියලු පාර්ශවවල සහාය ලබාගනිමින් ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes