General29 June 2026

ඉන්ධන මිල සංශෝධනය වෙයි

සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (2026 ජුනි 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පහත දමා ඇති අතර, සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414.00 ක් (පැවැති මිල රුපියල් 434.00).

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25.00 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382.00 ක් (පැවැති මිල රුපියල් 407.00).

එමෙන්ම, පහත සඳහන් ඉන්ධනවල මිල ගණන් වෙනස්ව ඇත්තේ නැහැ.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 495.00 (මිල වෙනස් වී නැත).

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 (මිල වෙනස් වී නැත).

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 (මිල වෙනස් වී නැත).

මෙම මිල සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් වැඩිදුර තොරතුරක් අවශ්‍ය වන්නේ නම්, 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ සංස්ථා මාධ්‍ය අංශය ඇමතිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආයතනික සන්නිවේදන හා පාරිභෝගික සේවා ඒකකය වැඩිදුරටත් දන්වා සිටිනවා.

එමෙන්ම, මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගමද සිය මිල ගණන් සංශෝධනය කරන බව නිවේදනය කළා.

Related recommendation
Hiru TV News | Programmes