රක්ෂිත බන්ධනාගාරගතව අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බලන්නට වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පෙරේදා(24) මැදියම් රැයේ රෝහලට ගිය බවට වන පුවත හිරු නිවුස් වෙබ් අඩවියේ පල කරන ලද්දේ රෝහල් ප්‍රකාශකයකු මගින් එය තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.
මෙරට හා බැඳුණු සමාජ, සංස්කෘතික පරිසරය තුල කවරකුගේ හෝ අසනීපයකදී මෙන්ම මරණයකදී පක්ෂ පාට භේදයකින් තොරව එක්වන සමාජ හා දේශපාලන ක්‍රමයක් පවතින රටක මෙම සිදුවීමේ කිසිදු වරදක් අපි නොදුටුවෙමු.
නමුත් මෙම පුවත පල වූ සැණින් අගමැති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරන ලද අතර එමගින් අප වෙබ් අඩවියේ පල කළ පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කර තිබිණි.
සදාචාරාත්මක මාධ්‍යයක් ලෙස එලෙස පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් හිරු වෙබ් අඩවියේ පළවූ පුවතට දුන් ප්‍රමුඛතාවම ලබා දෙමින් අගමැති ලේකම්වරයාගේ අත්සනින් එවන ලද එම නිවේදනය අපගේ වෙබ් අඩවියේ පල කළෙමු.
ඒ සමගම හිරු වෙබ් අඩවිය මගින් කුමන්ත්රණකාරී ලෙස ව්‍යාජ පුවතක් සමාජගත කරන්නට උත්සාහ කළ බවට එල්ලවන චෝදනාවද අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.
එවැනි පටු අරමුණුවලින් යුතුව අප කිසිවිටෙකත් මාධ්‍ය මෙහෙවරෙහි නොයෙදෙන බව මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අප සැමවිටම පෙනී සිටින බවද මෙහිලා අවධාරණය කරමු.
Latest News
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්