
බීමත්ව මගීන් සමග බස් රථයක් ධාවනය කළැයි කියන ලංගම රියැදුරකු කදපොළ පොලිසිය අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑලිය සිට උඩුපුස්සැල්ලාව දක්වා මගීන් රැගෙන ධාවනය කළ මෙම ලංගම බස් රථ රියැදුරා බීමත්ව රිය ධාවනය කරවන බවට එම බස් රථයේ ගමන් ගත් මගියකු විසින් 119 පොලිසි හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත මෙම රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
පොලිස් භාරයට ගත් බස් රථය නුවරඑලිය ලංගම ඩිපෝවට වෙනත් රියැදුරෙකු යොදා භාර දි ඇති අතර, සැකකාර රියදුරාද පොලිස් ඇප මත මුදා හැර ඔහුට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි කදපොළ පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
සැකකාර රියදුරා මීට ප්‍රථම ද බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයේ වැරදිකරුවෙකු වී අති බවත්, ඊට අමතරව නුවරඑලිය ඩිපෝව මගින්ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නුවරඑලියේ ඩිපොවේ නිළධාරියකු කියා සිටියා.
Latest News
දුෂණයට එරෙහි සටන භයානකයි.. ඊට එරෙහි නොවීම ඊටත් වඩා භයානකයි -ජනපති ලෝකයට කියයි

නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් අපවත් වෙති

සූර් වී බසය පැදවූ ලංගම රියැදුරා දැලේ

මුත්තු නගර් වැසියන් ඉඩම් අයිතිය ඉල්ලා විරෝධතාවක

වසර දෙකක් තුළ ළමා හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 11000 ඉක්මවයි

රනිල්ගෙන් දයාසිරිට හදිසි ඇමතුමක්

මිදිගම රුවන්ගේ ඥාති නිවසින් ඇල්ලූ ගිනි අවි පාකිස්තානයෙන් ගෙනා ඒවා බවට සැකයක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහයෝගී විය යුතු බව ඉන්දියාව කියයි

සීනිමෝදර අයිස් සිද්ධියට ඇල්ලූ පුත්‍රයාගේ පාපොච්ඡාරණයෙන් තොරතුරු රැසක් එළියට

බී ඵෑණු සහ අල ගොවීන් අපහසුතාවක
