ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ වට මේස සාකච්ඡාවකට එක්වී තිබෙනවා.
ජපානයේ නව ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් පෙන්වා දුන් ජනාධිපතිවරයා, වංචා සහ දූෂණය පිටුදැකීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර සහ ඒ ඔස්සේ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනැගීමට දරන උත්සාහය පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්රතිලාභ පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko)ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා, ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති ෆුමිහිකො කොබයාෂි (Fumihiko Kabayashi) ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

Latest News
"ගෝඨා ආණ්ඩුව කාලේ සෙවනගල ලාභ ලැබුවා.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා"
Local
30 September 2025

කාන්තා ලෝක කුසලාන තරග අද ඇරඹේ - සමාරම්භය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
Local
30 September 2025

සරසවි ඇදුරන් අද වර්ජනයක
Local
30 September 2025

''ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ප්‍රයිස් එක ලැබුණා'' - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
Local
30 September 2025

ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025