General30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට

මත්කුඩු ලෝලීන් මත්වීමට භාවිතා කරනු ලබන වේදනා නාශක කරල් වර්ගයක් ළග තබාගෙන සිටියදී මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල සහයිකාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසනවා.

මෙම කාන්තාව  පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරකට අනුවයි.

ඒ වන විට ඇය සතුව එම කරල් 40ක් තිබී හමුවී තිබෙනවා.

ඇය මත්කරල් අලෙවිකිරීමේ ජාවාරමක නිරතව සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීමකර තිබේ.

ඇයට මෙම කරල් ලැබෙන ආකාරය ගැන විමර්ශන පැවැත්වෙන බවද පොලීසිය සදහන් කරනවා.

Related Recommends
Hiru TV News | Programmes