General30 September 2025

කොකේන් කිලෝග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 150ක් ලෙස ඇස්තමේන්තුගත කරන ලද වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 3ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර, හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ වලාන දුෂණ මර්දන ඒකකයේ (Walana Anti-Vice Squad) නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදීයි.

මෙම මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Recommends
Hiru TV News | Programmes