රිය අනතුරක් හේතුවෙන් බර වාහන සඳහා මෙරට වසා දමා ඇති එකම මාර්ග කොටස වන නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස විවෘත කර දෙන ලෙස ඉල්ලමින් නානුඔය, කාර්ලිබැග් වත්තේ වතු කම්කරුවෝ පිරිසක් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ (13) විරෝධතාවක නිරත වූණා.
මෙම මාර්ග ඉකුත් 2023 වසරේ ජනවාරි මාසයේ සිදු වූ බස් රථ අනතුරකින් පසු මාර්ගයේ බර වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නවතා දැමුව බවත්, ඒ හේතුවෙන් වතු පහක පුද්ගලයන් 3500ක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි විරෝධතාකරුවෝ පවසනවා.
විශේෂයෙන්ම මෙම මාර්ග කොටසේ බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් ළමුන්, ගුරුවරුන්, රජයේ සහ පුද්ගලික ආයතනවල සේවය කරන පිරිස්, රෝගීන් ඇතුළු සෙසු ජනතාව ගමනාගමන පහසුකම් සපයා ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බවත්, මෙම මාර්ග කොටසට සම්බන්ධව වතු පහක් හා රජයේ ප්‍රධාන පාසල් දෙකක්ද පිහිටා ඇති බවත් ඔවුහු සඳහන් කරනවා.
දැනට එම ප්‍රදේශවල වැසියන් තම දෛනික ගමන් අවස්ථා සපුරා ගැනීම උදෙසා බහුල ලෙස ත්‍රී රෝද රථ භාවිතා කිරීමට සිදුව ඇති බවත්, ඒවාට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට තමන් ලක්ව ඇතැයි විරෝධතාකරුවෝ පවසනවා.
දැනට මෙම මාර්ග කොටසේ සුඛෝපභෝගී බස් රථ පමණක් ධාවනය කරනු ලබන බවත්, ඒවා නියමිත පරිදි නතර නොකිරීම හා ඒවායේ බස් ගාස්තු අධික වීම හේතුවෙන් දුප්පත් ජනතාව පීඩාවට පත්ව සිටින බවත්, අඩුම තරමින් මෙම මාර්ග කොටස හරහා කුඩා ප්‍රමාණයේ බස් රථ හෝ ධාවනය කිරීමට රජයේ වගකිවයුතු අංශ කඩිනමින් කටයුතු කළ යුතුව ඇතැයි විරෝධතාකරුවෝ මෙහෙදී වැඩිදුරටත් මෙහිදී පැවසූවා.
Latest News
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි