රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සහ සිරදඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නියෝග ඇතුළත් චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් යළි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නොකළ යුතු අතර, විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ද නියෝග නොකළ යුතු බව එහි දැක්වෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සහ සිරදඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
එහි ලේකම් ප්‍රසන්න අල්විස්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, 2012. 05.11 දිනැති අංක 344 දරන අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛය සියලුම අධිකරණ නිලධාරින් වෙත නැවත නිකුත් කරන බවයි.
අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ සැකකරුවන් සහ සිරකරුවන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරුන් විසින් බන්ධනාගාර ආඥා පනත යටතේ සකසා ඇති නියෝග සැලකිල්ලට ගත යුතු බවයි.
සැකකරුන් සහ සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ මහසේත්රාත්වරුන් කරන නියෝගවලට අනුව කටයුතු කිරීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත වාර්තා කර ඇති අතර ඒ පිළිබඳව සලකා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝග නොකළ යුතු අතර යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විවෘත අධිකරණයේදී එ සඳහා ඉල්ලීමක් කරනු ලැබුවහොත් එය අදාළ බන්ධනාගාර අධිකාරීවරයාගේ අවධානයට ලක් කිරීම ප්‍රමාණවත්.
මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව ද එහි දැක්වෙනවා.
මහේස්ත්‍රාත්වරුන් විසින් කිසිඳු සැකකරුවෙකු හෝ සිරකරුවෙකු බන්ධනාගාර ගතව සිටින කාලය තුළ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට සහභාගීවීමට හෝ වෙනත් යම් කටයුත්තකට බන්ධනාගාරය මගින් ඔවුන්ගේ නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසට නියෝග නොකළ යුතු අතර, සමීප ලේ ඥාතීන්ගේ අවමගුල් අවස්ථාවන්වලදී ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝග හා රෙගුලාසිවලට අනුව සැකකරුවන් හා සිරකරුවන් අවශ්‍ය ස්ථානවලට රැගෙන යාම බන්ධනාගාර අධිකාරීවරයාගේ මෙහෙයවීම මත සිදු කෙරෙනු ඇති.
සැකකරුවෙකු හෝ සිරකරුවෙකු කවර හේතුවක් මත හෝ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන ලද හොත් ඒ බව සහ ඊට හේතුවූ කරුණු අදාළ බන්ධනාගාර අධිකාරී විසින් මහසේත්රාත්වරයාට වාර්තා කරනු ඇති.
ඊට අමතරව සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන් ඉල්ලීම් කරනු ලබන අවස්ථාවන්හිදීම එම ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතු වනවා.

Latest News
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026