International22 June 2026

අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්

ඉරානයේ නිෂ්පාදිත බොරතෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ පෙට්‍රොකෙමිකල් ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම සඳහා අවසර ලබා දෙමින් අමෙරිකානු මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (U.S. Treasury Department) විසින් විශේෂ පොදු බලපත්‍රයක් (General license) නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නිල අවසරය එළඹෙන අගෝස්තු මස 21 වැනිදා දක්වා වලංගු වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඉරානයට පනවා ඇති දැඩි ආර්ථික සහ වෙළඳ සම්බාධක මධ්‍යයේ අමෙරිකාව ගත් මෙම තීරණය ගෝලීය බලශක්ති වෙළඳපොළට සහ ඉන්ධන මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන හා ආර්ථික විචාරකයින් අපේක්ෂා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes