නේපාලයේදී අත්අඩංගුවට ගන්නා ලද, ශ්‍රී ලංකාවේ අධිකරණයක් තුළ සිදුවූ පාතාල නායකයකු ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඇතුළු පාතාල සාමාජිකයින් හයදෙනා මෙරටට පිටුවහල් කළ බව නේපාලය පවසනවා.
ඔවුන් නේපාලය තුළ කිසියම් වරදක් කර නොමැති බැවින් මෙලෙස පිටුවහල් කිරීමට කටයුතු කළ බවයි එරට බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ.
පාතාල නායක සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ලේ සංජීව' ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 06 දෙනා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.
නේපාලයෙන් පිටුවහල් කිරීම අද දින සිදුවූ අතර, ඊට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කත්මණ්ඩු නගරයේදීයි.
නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් විශේෂ මෙහෙයුමකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
පිටුවහල් කරන ලද පුද්ගලයන් අතර සිටි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ පිංපුර දේවගේ 26 හැවිරිදි අයෙක්.
33 වියැතිජීවදාසන් කනකරාසා, 23 හැවිරිදි තක්ෂි නන්දකුමාර්, 49 හැවිරිදිදිනේෂ් ශ්යාමන්තා ද සිල්වා කළුදර, 35 හැවිරිදි කෙනඩි බැස්තියම්පිල්ලේ හෙවත් ජේ.කේ.බායි, 43 හැවිරිදි දිනේෂ් නිශාන්ත කුමාර වික්‍රමආරච්චිගේ ද නේපාලයෙන් මෙරටට පිටුවහල් කරන ලද සැකකරුවන් අතර සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනාමකුප්රකට කෙහෙල්බද්දර පද්මේ කල්ලියේසාමාජිකයන් බව පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වි තිබුණා.
මොවුන්මැලේසියාවේ සහ ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලනිරතව සිට ඇති බවයි නේපාල වාර්තාවල දැක්වෙන්නේ.
සැකකරුවන් නේපාලයේ කිසිදු අපරාධයක් සිදු කර නොතිබූ බැවින්, ඔවුන් පිටුවහල් කිරීම සඳහා නේපාල නීතියට අනුකූලව ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කර තිබුණා.
ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙක් තහවුරු කළේ, ඔවුන් නීතිමය අවශ්‍යතා අනුවදඩ මුදල් ගෙවාපොලිස් අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දුන් බවයි.
ශ්‍රී ලංකා පාතාල කණ්ඩායම් සාමාජිකයන් නේපාලයේ රැකවරණය පතන මෙවැනි අවස්ථාඉතා දුර්ලභබව ඉන්ටර්පෝල් නිලධාරීන් සඳහන් කළා.
නේපාල පොලිසිය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර ඇති වූ සම්බන්ධීකරණය, මෙමකඩිනම් පිටුවහල් කිරීමසඳහා තීරණාත්මක වූ බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
Latest News
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප - විදෙස් ගමන් තහනම්
ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 08කට වසර 29කට පසු මරණීය දණ්ඩනය
සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්