තමන් ඝාතනය කිරීමේ ඉඩකඩක් පවතින බැවින් තම ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් පොලිස්පතිවරයා වෙත යොමුකළ බව පැවසෙන ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මඟින් පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත්තේ, 2025 සැප්තැම්බර් 06 වැනි දින පොලිස්පතිවරයා වෙත යොමුකල ලිපියට අදාළව, පොලිස්පතිවරයා විසින් 2025 සැප්තැම්බර් 12 වැනි දින ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත) වෙත යොමු කර ඇති බවයි.
තවදුරටත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත) විසින් එම ලිපියට අදාළව, නියෝජ්‍ය පොලිස්පති (මාතර/හම්බන්තොට දිසාව) වෙත යොමු කර ඇති අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (මාතර) මගින් මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැලිගම) හා ස්ථානාධිපති (මිදිගම) වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී ඇති බවටත් එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,
මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් පොලිස්පතිතුමා වෙතආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කර තිබූ ලිපිය සම්බන්ධව.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යන අය 2025.10.22 වන දින ප්‍රාදේශීය සභා නිල කාමරයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන ලදී.
මෙම මරණකරු ඔහුට ජීවිත තර්ජන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා පොලිස්පතිතුමා වෙත යොමු කරනු ලැබූ ලිපියක් මේ වන විට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යන අය ඔහුට ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිතුමා වෙත 2025.09.06 වන දින ලිපියක් යොමු කර ඇති අතර එම ලිපියට අදාලව ඉදිරි අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත වෙත 2025.09.12 වන දින යොමු කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත විසින් ඉහත ලිපියට අදාලව නියෝජ්‍ය පොලිස්පති මාතර හම්බන්තොට දිසාව වෙත යොමු කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාතර මගින් මූලස්ථාන පොලිස් පරීක්ෂක වැලිගම හා ස්ථානාධිපති මිදිගම වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

Latest News
ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්
Local
23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
23 September 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර
Local
23 September 2026
සිරගතව සිටි ප්‍රංශ ජාතිකයෙකුට අසර්බයිජාන ජනාධිපතිගෙන් සමාව
Local
23 September 2026
නාමල් 30 දක්වා යළි රිමාන්ඩ්
Local
23 September 2026
22 ගැන විවාදය හෙට සහ අනිද්දා
Local
23 September 2026
කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
Local
23 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි
Local
23 September 2026
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි
Local
23 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වත්කම් ප්‍රකාශන පිළිබඳ වගන්ති, නැවත සළකා බලන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බව, IMF පවසයි
Local
23 September 2026