රියාද් සිට කොළඹ බලා පැමිණි UL266 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකදී, ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශන අනුව, යානය ගොඩබැස්සවීමෙන් පසුවයි සැකකාර 28 හැවිරිදි සෞදි අරාබි ජාතික තරුණය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබැස්සවීමට සූදානම් වෙමින් තිබූ අවස්ථාවේදී, සියලු මගීන් ආසන පටි පැළඳ අසුන් ගෙන සිටීම අනිවාර්යවන ආරක්ෂක රෙගුලාසි කඩ කරමින් සැකකරු වැසිකිළිය වෙත යාමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩලය මැදිහත් වී ඇති අතර, එහිදී මගියා ආක්‍රමණශීලී වී ඔවුන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
මෙම ගැටුම වෙනත් මගීන් විසින් සිය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර ඇති අතර, එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
ගුවන් තොටුපළ පොලිසිය තහවුරු කළේ, අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025