General29 October 2025

Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්

චිප් නිෂ්පාදකයෙකු වන Nvidia සමාගම, ඩොලර් ට්‍රිලියන 4 සීමාව බිඳ දමා මාස තුනක් වැනි කෙටි කාලයකින් පසු, ඩොලර් ට්‍රිලියන 5ක් වටිනා ලොව පළමු සමාගම බවට පත්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (28) වන විට Nvidia හි ගැටුම්ගත කොටස් 24.3 බිලියනක් නිකුත් කර තිබූ අතර, පෙර වෙළඳපල ගනුදෙනුවලදී කොටසක මිල $207.80ක් ලෙස සටහන් වීමත් සමඟ එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 5.05 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

වසර 18කට පෙර Apple සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් විසින් පළමු iPhone හඳුන්වා දීමෙන් පසු තාක්ෂණික ලෝකයේ ඇති වූ විශාලතම විපර්යාසය ලෙස සැලකෙන කෘත්‍රිම බුද්ධි (AI) උන්මාදය හේතුවෙන් මෙම දැවැන්ත ඉහළ නැංවීම සිදුවී ඇති බව සඳහන්.

ඒ අනුව Apple සමාගම iPhone හි සාර්ථකත්වය මත පදනම්ව ඩොලර් ට්‍රිලියන 1, 2, සහ 3 සීමාවන් පසු කළ ප්‍රථම පොදු සමාගම බවට පත්වීමට Nvidia සමාගම පත්වුණා.

2023 මුල සිට Nvidia කොටස් මිල මෙතරම් වේගයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ චිප්ස් (Chips) සඳහා ඇති අධික ඉල්ලුමයි.

අඟහරුවාදා, Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang විසින් ඩොලර් බිලියන 500ක චිප් ඇණවුම් ප්‍රමාණයක් හෙළි කර තිබෙනවා.

පසුගිය මාසයේදී, ChatGPT හි හිමිකරු වන OpenAI හි පරිගණක බලය ඉහළ නැංවීම සඳහා Nvidia AI දත්ත මධ්‍යස්ථාන ගිගාවොට් 10ක් එකතු කිරීමට හැකි වන පරිදි හවුල්කාරිත්වයක් යටතේ OpenAI හි ඩොලර් බිලියන 100ක් ආයෝජනය කරන බවයි Nvidia සමාගම වැඩිදුරටත් පවසා සිටියේ.
Related Recommends
Hiru TV News | Programmes