General29 October 2025

රේගුව රඳවා ගත් කුරාන් ග්‍රන්ථ යළි ඉන්දියාවට

ශ්‍රී ලංකා රේගුව රඳවාගත් කුරාන් (දෙමළ පරිවර්තන) ග්‍රන්ථ තොගය ඉන්දියාවට යළි අපනයනය කිරීමට ආනයනකරු එකඟ වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

ඔහු වැඩිදුරටත් එහිදී පවසා සිටියේ, මෙම ග්‍රන්ථ තොගය රේගු රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ගෙන්වා තිබීම හේතුවෙන්, ආනයනකරු විසින් එය ඉන්දියාවට යළි අපනයනය කිරීමට එකඟ වී ඇති බවයි.

" ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථයේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබුණෙ නෑ. නමුත් ගැටලුව වූයේ එය ආනයනය කළ ආකාරයයි. එය ගෙන්වා තිබූ ආකාරයේ දෝෂයක් තිබූ අතර, එය රේගු නීති උල්ලංඝනය කර තිබුණා. එම නිසා ආනයනකරුවන් විසින් එය යළි අපනයනය කිරීමට එකඟ වී තිබෙනවා." යනුවෙනුයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

එමෙන්ම, ඇමති විජිත හේරත් අවධාරණය කළේ මෙම ග්‍රන්ථ තොගය යළි අපනයනය කිරීමට ගෙන ඇත්තේ ආනයනකරු විසින්ම වන අතර, එය රජයේ තීරණයක් නොවන බවයි.
Related Recommends
Hiru TV News | Programmes