General29 October 2025

ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා යොදවා සිටි රැඳවියන් තිදෙනකුගෙන් අයෙක් එහි තිබූ ගිනි අවියක් සොරකම් කර ඇතැයි බන්ධනාගාර ක‍ොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවා.

එම රැඳවියා වැලිකඩ සිරගෙදර සිරදඩුවම් විඳින රැඳවියකු වන අතර, ගල්කිස්ස අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය ශුද්ධ කිරීමෙන් අනතුරුව මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සොරාගෙන බන්ධනාගාර බස් රථයට ගොඩවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම රැඳවියා එම ගිනි අවිය බෑගයක බහා බන්ධනාගාර බස් රථයේ අසුනක් යට තබා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ සෝදිසියේදී එය හසුව ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ අනුව මෙම රැඳවියා සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගනු ලබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.  

Related Recommends
Hiru TV News | Programmes