යතුරුපැදියකින් යමින් සිටි තරුණියකගේ මග හරස් කර ඇගේ ලැම ප්‍රදේශය ස්පර්ෂ කර ජංගම දුරකතනය පැහැරගත් බවට පැමිණිල්ලක් ලැබුණු බව ගෝනපීනුවල පොලිසිය පවසනවා.
සිද්ධිය වී තිබෙන්නේ පෙරේදා (27) රාත්‍රී 11ට පමණ තරුණිය වැඩ ඇරී තම යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටිය දී ගෝනපීනුවල බේරතුඩුව මාර්ගයේ යි.
ඇගේ යතුරුපැදිය හරස් කර නැවැත් වූ තවත් යතුරුපැදියක පැදිකරුවෙක් ඉන් බැස විත් ක්ෂණිකව ඇගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර තිබෙනවා.
ඉන් දැඩි සේ බියට පත් වූ තරුණිය වහා ඇගේ ජංගම දුරකතනය ගෙන තම පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කරන අතරතුර යතුරුපැදිකරු විසින් එම දුරකතනය උදුරාගෙන ඔහු පැමිණි යතුරුපැදියේ නැගී වේගයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා.
පැහැරගත් ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් 144,000/- ක් වන බවද පැමිණිල්ලේ සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවත් ගෝනපීනුවල පොලිසිය කියනවා.
Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්