නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර තිබෙන නිසා ඇය නීතිඥවරියක් දැයි යම් සැකයක් මතුවන බවත් එම නිසා ඇයගේ නීතිඥ සහතිකය ප්‍රසිද්ධ කරන ලෙසට ඇයට තමා ප්‍රකාශ කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල
විපක්ෂය එකතු වෙන්නේ නීතියේ රැහැනෙන් ගැලවෙන්නයි කියා උගන්ඩා කුමාරි ලෙස සුප්‍රකට නීතිඥ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිවරිය ඊයේ ප්‍රකාශයක් කරනවා අපි මාධ්‍යවලින් දැක්කා.
නීතියේ රැහැන ලෙස සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ මිනිසුන් නීතියට ගැටගසන මිනිසුන් හික්මවන නීතියේ ආධිපත්‍යයටයි.
නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. යම් පුද්ගලයෙකු නීතියේ රැහැනෙන් ගැලවෙනවා කියන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය කටයුතු කරන්නේ නෑ කියන එකයි.
විපක්ෂය සමගි වෙලා විපක්ෂයේ බලය පෙන්නුවාම අධිකරණය බියට පත්වෙලා අධිකරණය විසින් විපක්ෂයේ දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. කියන එකයි නිලන්ති මන්ත්‍රිවරිය කියන්නේ.
මේක සෘජුවම අධිකරණයට කරන ලද අපහසයක්.නැතිනම් ඒ ක්‍රමය හැරුණු විට නීතියේ රැහැනෙන් ගැලවෙන්න විපක්ෂයට හැකියාවක් නෑනේ.
විපක්ෂය සමගිය බලය පෙන්නුවාම අධිකරණය බියට පත් වෙනවා කියන්නේ අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමක්.
අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය විනාශ කිරීමක්. 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත අමු අමුවේම උල්ලංඝණය කිරීමක්.
ඒ පනතේ 3 වන වගන්තිය අනුව අධිකරණ ආයතනයක් අගෞරවයකට හෝ අවතක්සේරුවකට ලක් කිරීම අධිකරණයකට අපහාස කිරීමක් වෙනවා.
ඒක වසර පහක සිර දඬුවමක් ලැබිය හැකි වරදක්.
උගන්ඩාවේ සඟවා තිබෙන ඩොලර් ගේනවා කිව්වා වගේ මේක නිලන්ති මන්ත්‍රීවරියගේ තවත් එක් ටොම් පචයක් කියලා මේක මග හරින්න බෑ.
අධිකරණයේ නිලධාරියෙකු ලෙස සැළකෙන නීතිඥවරියක් විසින් මේ ප්‍රකාශය කළාම සාමාන්‍ය පුද්ගලයෙකු කරනවාටත් වඩා බරපතල අපහාසයක් අධිකරණයට වෙනවා.
මොකද අධිකරණයේ නිලධාරියෙක් විදියට නීතිඥයෙක් සලකන නිසා අධිකරණ අභ්‍යන්තර ක්‍රියාදාම කරන අධිකරණය ගැන හොඳින්ම දන්නා කෙනෙක් විදියටයි නීතිඥයාව සමාජය සලකන්නේ.
නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් කිරීමේ දී ඔහු නීතිඥයෙකු වීම ගැන අධිකරණයේ විශේෂ අවධානය යොමු වුණා.
එහෙව් නීතිඥ කොට්ටහච්චි තමයි විපක්ෂය සමගි වුණොත් එයින් බියට පත්වෙලා විපක්ෂයේ අයට නීතිය ක්‍රියාත්මක වන එකක් නෑ කියන අදහස සමාජගත කරන්න උත්සහා කරන්නේ.
මේ පසුබිම යටතේ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිවරියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පැවරීම වැලැක්වීමට නම් තමන් ඒ ප්‍රකාශයෙන් ඇත්තටම අදහස් කළ දේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මන්ත්‍රිවරියට සිදුවෙනවා.
මොකද අධිකරණයට අපහාස කිරීමට වැඩියෙන්ම කටයුතු කරන්නේ නීතිඥ මන්ත්‍රිතුමියන්ලා.
මීට සති දෙකකට පෙර නීතිඥ ලක්මාලි මන්ත්‍රිවරියත් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියලා ජනතාවට උපදෙස් දීම හරහා අධිකරණයට බරපතල අපහාසයක් කළා.
දැන් නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිවරිය විපක්ෂය සමගි වුණොත් අධිකරණය ඒ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නරන්නේ නෑ යනුවෙන් ඇගවෙන ප්‍රකාශයක් කරමින් අධිකරණයට අපහාස කළා.
ඒ නිසා අධිකරණයේ ගෞරවය තවදුරටත් කෙළසන්න මාලිමා නීතිඥ මන්ත්‍රිවරියන්ට ඉඩ දෙන්න බෑ.
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති විද්‍යාලයේ දී විශේෂයෙන්ම උගන්වනවා.
ඒ මූලික ඉගැන්වීම ගැනවත් දන්නේ නෑ කියන්නේ නිලන්ති මන්ත්‍රිවරිය නීතිඥයෙකු කියන එක ගැනත් සැකයක් ඇති වෙනවා.
අපිට මතකයි පසුගිය කාලයේ මාලිමා අපේක්ෂකයින් විශාල ගණනක් මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට නැති හොර ආචාර්යලා, ඉංජිනේරුවෝ, විශේෂඥ වෛද්‍යවරු, ජනාධිපති නීතිඥවරු යනාදි නැති සුදුසුකම් උලුප්පා දක්වමින් මැතිවරණයේ හිටියා කියලා පස්සේ හෙළි වුණානෙ.
හොඳම උදාහරණය අසෝක රන්වල මහතා.
මේ රටේ ගෞරවනීය තුන්වන පුරවැසියා වන කථානායක තනතුරට මාලිමාව පත් කළේ පිළිගත නොහැකි ආචාර්ය උපාධියක් තිබුණු අසෝක රන්වල මහත්තයානෙ.
කවුද දන්නේ නිලන්ති කොට්ටහච්චි කියන්නේ අසෝක රන්වලගේ කාන්තා වේශයක් නෙවෙයි කියලා.
මේ රටට දැනගන්න නම් එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න නම් මන්ත්‍රීවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නීතිඥ සහතිකය වහාම සමාජ මාධ්‍යවලට එක් කරලා ඔබ තවත් අසෝක රන්වල කෙනෙකු නොවේ කියා ඔප්පු කරන්න කියා අපි නිලන්ති මන්ත්‍රිවරියට දැනුම් දෙනවා.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025