දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත් ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලමේ විදුලි ආලෝක කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික ඉඩමක් හරස්වීම නිසා ප්‍රමාද වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරනවා.
මෙම ආරුක්කු නවය පාලම සහ ඒ අවට විදුලි ආලෝකය ලබා දීම සඳහා ට්‍රාන්ස්ෆෝමරයට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය විදුලි රැහැන් පෞද්ගලික ඉඩමක් හරහා ලබා ගැනීමට එම ඉඩම් හිමියන් විරුද්ධත්වය දැක්වීම මෙයට හේතු වී ඇතැයි ද මධ්‍ය සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිලාන් කුරේ කියනවා.
හෙතෙම පවසන්නේ මේ වන විට එම විදුලි රැහැන් වෙනත් ක්‍රමවේදයක් හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස මෙම සංචාරක කලාපය ආරම්භ කරන බව ද ඔහු පවසනවා.
දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට සංචාරක කලාපයක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය මෙම මස තුළදී අවසන් කිරීමට සැලසුම්කර තිබුණද එය ලබන මස දක්වා තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.
මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වැය කර ඇති අතර සංචාරක කලාපයට ඇතුඵ වන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තුවක්ද අය කිරීමට නියමිතයි.
මෙයට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ රිටිගල, යාපහුව සහ තිස්සමහරාම යන ප්‍රදේශවලද සංචාරක කලාප ඇති කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි එම අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය නිලාන් කුරේ වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025