General18 November 2025

හෙට සහ අනිද්දා වැසි අඩුවෙයි

දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් පැවති වැසි තත්ත්වයේ හෙට සහ අනිද්දා දිනයන්හි තාවකාලික අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

මේ අතර අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes