General28 November 2025

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ඒ අනුව, දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (General Information Technology - GIT) විෂයය සඳහා වූ විභාගයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ අදාළ විභාගයේ නව කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes