General29 November 2025

මහඔය නිම්නයට ගංවතුර අනතුරු ඇඟවීමක්

මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට පසුගිය පැය 24 තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම අනතුරු ඇඟවීම දෙසැම්බර් 1 වන දින උදෑසන 8.30 දක්වා වලංගු වෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Related recommendation
Hiru TV News | Programmes