General29 November 2025

අවදානමට පෙර සූදානම

මහවැලි ගඟ පිටාර ගලා ගම්බිම් යටවීමේ අවදානමත් සමඟ අද (29) සේරුවිල, මුතුර්, කන්තලේ, වෙරුගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විපතට පත්ව සිටින ගම්වැසියන් ඉන් ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ත්‍රිකුණාමලය දිසාපති ඩබ්. ජී. මහේෂ් හේමන්ත කුමාර පැවසුවා.

ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ග්‍රාම නිලධාරිවරු මාර්ගයෙන් ජනතාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර මෙම කටයුතු සිදුකරන බව කී දිසාපතිවරයා අවදානම නොතකා තම ගේදොර අතහැර යෑමට නොහැකි ජනතාව ඉවත් කිරීමේ අපහසු තත්ත්වයකට මුහුණ දී සිටින බව ද සඳහන් කරනවා.

මහවැලි ගඟ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ලට උඩින් පිටාර ගැලීමත් සමඟ ඇති වූ අවධානම පාලනය කිරීමට වැලි ගෝනි ගැසීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

මහවැලි ජලයෙන් කන්තලේ සේරුනුවර මාර්ගය ජලයෙන් යටවීම නිසා කන්තලේ සිට සේරුනුවර දිවෙන මාර්ගයේ සුරියපුර ප්‍රදේශයෙන් වසා දැමිමට පොලිසිය කටයුතු කෙරුණා.
අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමේ කටයුතු කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගෙනන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes