මහවැලි ගඟ පිටාර ගලා ගම්බිම් යටවීමේ අවදානමත් සමඟ අද (29) සේරුවිල, මුතුර්, කන්තලේ, වෙරුගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විපතට පත්ව සිටින ගම්වැසියන් ඉන් ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ත්‍රිකුණාමලය දිසාපති ඩබ්. ජී. මහේෂ් හේමන්ත කුමාර පැවසුවා.
ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ග්‍රාම නිලධාරිවරු මාර්ගයෙන් ජනතාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර මෙම කටයුතු සිදුකරන බව කී දිසාපතිවරයා අවදානම නොතකා තම ගේදොර අතහැර යෑමට නොහැකි ජනතාව ඉවත් කිරීමේ අපහසු තත්ත්වයකට මුහුණ දී සිටින බව ද සඳහන් කරනවා.
මහවැලි ගඟ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ලට උඩින් පිටාර ගැලීමත් සමඟ ඇති වූ අවධානම පාලනය කිරීමට වැලි ගෝනි ගැසීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.
මහවැලි ජලයෙන් කන්තලේ සේරුනුවර මාර්ගය ජලයෙන් යටවීම නිසා කන්තලේ සිට සේරුනුවර දිවෙන මාර්ගයේ සුරියපුර ප්‍රදේශයෙන් වසා දැමිමට පොලිසිය කටයුතු කෙරුණා.
අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමේ කටයුතු කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගෙනන තිබෙනවා.
Latest News
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
Local
20 September 2026
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
Local
20 September 2026
කළුබෝවිල අවිශ්කගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග STF දැලේ
Local
20 September 2026
ඇසට සවියක් ඉගෙනුමට ශක්තියක් - සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
Local
19 September 2026
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්
Local
19 September 2026
එංගලන්තයේදී සිංහයන් 'පූස් පැටවුන්' වෙයි: අඛණ්ඩ 15 වන T20 පරාජයත් සමග ශ්‍රී ලංකාව අසරණයි
Local
19 September 2026
රන්වේ විරෝධතාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු CFDA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
Local
19 September 2026
"ඔහුට ඕන වුණේ මුළු මාධ්‍ය කණ්ඩායමම එළවන්න" : මාධ්‍ය ආයතන තහනම් කළ ට්‍රම්ප්ගේ තීරණයට හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම්ගෙන් හෙළිදරව්වක්
Local
19 September 2026
අවසන් පන්දුවාර 20 තරගයේදී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්
Local
19 September 2026
බකමුණේදී සමගි ජන බලවේගයේ පාක්ෂික දැනුවත් කිරීමේ වැඩමුළුවක්
Local
19 September 2026