තවමත් පවතින කොළඹ දිස්ත්‍රික්ක අධි ගංවතුර තත්ත්වය තවදුරටත් පහත යමින් කැලණි ගඟේ නාගලගම්වීදියෙන් ජල මට්ටම අඩි 7.30 දක්වා පහත බැස තිබෙනවා.
එය තවදුරටත් බැස යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද(02) පෙරවරු 9.00 වනවිට ජල මට්ටමට එලෙස වාර්තා වූ අතර පෙරවරු 8 වනවිට එය අඩි 7.35 මට්ටමේ පැවතුණා.
කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් මීටර් 7.50 මට්ටමේ පවතින අතර එය ද බැස යමින් පවතින බවයි නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
කැලණි ගඟේ සෙසු සියලු ස්ථාන මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙනවා.
මී ඔයේ මහා ගංවතුර මට්ටම ද මේ වනවිට මීටර් 8.64 දක්වා පවතින අතර එය ද බැස යමින් පවතින බව සඳහන්.
කළු ගඟ ප්‍රදේශයෙන් මීටර් 3.86 ද කළු ගඟේ කලවැල්ලව ප්‍රදේශයෙන් මීටර් 6.20 ක් ලෙස ද පවතින ජල මට්ටම තවදුරටත් පහත යමින් පවතිනවා.
ප්‍රධාන ජලාශවල සෙසු සියලු ජල මටට්ටම් සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
Latest News
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
ජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්