General04 December 2025

ආපදා කසළ ඉවත් කරන්න සති තුනක් - හරිනිගෙන් උපදෙස්

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණා.

එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.

මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ වී තිබෙනවා.

මේ අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍යා කුමාරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන අයද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන්ද, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ද, විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්ද සහභාගි වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes