General12 December 2025

දිස්ත්‍රික්ක 04කට ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

කලු‍තර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවලට වැසි ඇතිවන අවස්ථාවේ ප්‍රබල අකුණු මෙන්ම තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 163.4 බදුල්ල, නිල්පාන්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Related recommendation
Hiru TV News | Programmes