International13 December 2025

14 වසරකට පසු මෙසී ඉන්දියාවට

14 වසරකට පසු ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී තෙදින සංචාරයක් සඳහා අද (13) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

වත්මන් පාපන්දු ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක මෙසී 2011 වසරෙන් පසු ඉන්දීයවේ සංචාරයකට එක්වන අතර, එහිදී ඔහු ඉන්දියාවේ කොල්කටා, හයිද්‍රාබාද්, නවදිල්ලි සහ මුම්බායිහිදී විශේෂ උත්සව කිහිපයකටම එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.

අද අලුයම ඉන්දියාවේ කොල්කටා නුවරින් ඉන්දියාවට පැමිණෙන මෙසී පිළිගන්නට විශේෂ සැමරුම් උත්සව කිහියක්ම සංවිධාන කර තිබෙන අතර, එහිදී අඩි 70ක් උසැති මෙසීගේ අනුරුවක් ද නිරාවරණය කිරීමට ද නියමිතයි.

එමෙන්ම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව විශේෂ උත්සවයක් ද අද පස්වරුවේදී කොල්කටාහිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.

ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 04කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.

මෙම සංචාරය අතරවාරයේදී ලියොනල් මෙසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට ද නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes