General17 December 2025

නිල ඇඳුමෙන් අයිස් වික්ක කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් නාගරික රථවාහන කොට්ඨාසයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සිටියදීයි.

ඔහු සමග තවත් පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර කොළඹ නගරසභාවේ සේවකයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය සේවා කටයුතු නිමවා දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් බැහැරව ගිය අවස්ථාවේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු ළඟ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධිකයි.
Related recommendation
Hiru TV News | Programmes