ගණිතය ප්‍රශ්ණ පත්‍රයට ලකුණු අඩුවු බව පවසා සිසුවියකගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණන ලද උපකාරක පංති ගුරුවරයකු රුපියල් ලක්ෂ තුන බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග ඊයේ (19) නියෝග කළා.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ පවන් අරුණානන්ද ප්‍රේමවර්ධන නමැති උපකාරක පංති ගුරුවරයෙක්.
මෙම ගුරුවරයා උපකාරක පංතියේ ගණිත විෂය උගන්වන විශ්ව විද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු බවට පරීක්ෂණවලදි අනාවරණය වී තිබුණා.
මෙම ගුරුවරයා, තම දියණියගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී ඇති බවට ඇයගේ පියා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙම සිසුවිය මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ගාල්ල නගරයේ උපකාරක පංතියකදි මෙම පහරදීම සිදුව ඇති අතර පසුව සිසුවියගේ ඥාතීන් තමන්ටද පහර දුන් බව පවසා ගුරුවරයාද රෝහල් ගතව තිබුණා.
අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවිය ගණිතය සඳහා මෙම උපකාරක පංතියට ගොස් ඇති අතර, එහිදි සැකකරු ගණිතය ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී තිබෙනවා. එහිදී එම ප්‍රශ්ණ පත්‍රයට මෙම සිසුවිය ලකුණු 32ක් අඩුවෙන් ලබාගෙන තිබු බවට වාර්තා වුණා.
පසුව සැකකරු එක් ලකුණකට එක් පහර බැගින් සිසුවියගේ දෙඅත්වලට 160 වාරයක් පහරදී ඇතැයි වාර්තා වෙනවා.
පසුව ඇයගේ දෙමව්පියන් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.
ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවීරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනෝදනි සමග සැරයන් ප්‍රියන්ත ( 54511) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා .
Latest News
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026