Sports28 June 2026

ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති දෙවැනි T20I තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (28) සමත් වුණා.

මේ සමඟම දෙරට අතර පැවැති තරග 2කින් සමන්විත T20 තරගාවලිය 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Series Win) තමන් සතු කර ගැනීමට අයර්ලන්තය සමත් වීම විශේෂත්වයක්.

බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර, අයර්ලන්තය වෙනුවෙන් වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළ හැරී ටෙක්ටර් (Harry Tector) පන්දු 47කදී ලකුණු 53ක් රැස් කළ අතර, බෙන් කැලිවිට් (Ben Calitz) වේගවත් ලකුණු 37ක් එක් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් සිය පළමු ජාත්‍යන්තර 20/20 තරගයට ක්‍රීඩා කළ ප්‍රින්ස් යාදව් (Prince Yadav) ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 19ක් තුළ දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූ අතර, ආරම්භක පිතිකරුවන් වූ සංජු සැම්සන් සහ අභිෂේක් ෂර්මා ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට ජයි මුන්ද්‍රා (Jai Moondra) සමත් වුණා.

මැදපෙළින් තිලක් වර්මා පන්දු 46කදී ලකුණු 55ක් රැස් කරමින් ඉන්දියාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළද, අනෙක් අන්තයෙන් නිරන්තරයෙන් කඩුලු බිඳ වැටුණා.

ඉන්දීය ඉනිමේ අගපෙළ සටනක් දියත් කළ හර්ෂිත් රණා පන්දු 10කින් ලකුණු 21ක් සහ අවසන් පන්දුවේදී ප්‍රින්ස් යාදව් හයේ පහරක් එල්ල කළද, නියමිත පන්දු වාර 20 අවසානයේ ඉන්දියාවට ලබාගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 153ක් පමණයි.

අයර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ජයි මුන්ද්‍රා ලකුණු 32කට කඩුලු 3ක් සහ මැට් හොලන්ඩ් (Matt Hollard) ලකුණු 26කට කඩුලු 3ක් බැගින් බිඳ හෙළුවා.

Related Recomands
Hiru TV News | Programmes