වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබා දුන්නේ වෙනිසියුලානු රජයේ සිටින සී.අයි.ඒ. ඔත්තුකරුවන් බව පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය විසින්.
එය මාස ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය සහ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ සුක්ෂම සැලසුමක් අනුව සහ බුද්ධි තොරතුරු ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමක්.
සී.අයි.ඒ. සංවිධානය ඔත්තු බැලීමේ ඩ්‍රෝන මඟින් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාගේ දින චර්යාව ගැන නිරීක්ෂණය කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ සිටයි.
වෙනිසියුලානු රජයේ ඔත්තුකරුවන්ගෙන් ද ඒ සඳහා වැදගත් තොරතුරු රැසක් සපයා ඇති බවටයි වාර්තා වෙන්නේ.
සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු නිව්යෝක් ටයිම්ස් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ, එම සංවිධානයේ නිලධාරින් මදුරෝගේ ජීවන රටාව හා දින චර්යාව ගැනත් තොරතුරු එක්රැස් කළ බවයි.
සී.අයි.ඒ. ඔත්තුකරුවන්ගේ තොරතුරු මත අමෙරිකානු හමුදාවේ විශේෂ ප්‍රභූ හමුදා මෙහෙයුම් බලකාය ලෙස සැලකෙන ඩෙල්ටා ෆෝස් බලකාය වැටලීම සිදු කළ බවත් වාර්තා වෙනවා.
ඩෙල්ටා ෆෝස් යනු ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම් හා විශේෂිත ඔත්තු බැලීම් වැනි කාර්යයන් සඳහා පමණක් යොදා ගන්නා බලකායක්.
1993 වසරේ සෝමාලියාවේ මොගඩිෂු යුද ගැටුම් අතරතුර අමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු එහි සිටි අමෙරිකානු හමුදා භට පිරිස බේරා ගැනීමටත් යොදා ගෙන ඇත්තේ ඩෙල්ටා ෆෝස් බලකායට අයත් හමුදා කණ්ඩායමක්.
මේ අතර, අමෙරිකානු අත්අඩංගුවට පත් වූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ (Nicolás Maduro) පළමු ඡායාරූපය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
අමෙරිකානු නාවික හමුදාවට අයත් 'USS Iwo Jima' නමැති ප්‍රහාරක නෞකාව මත මධුරෝ රඳවා සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වෙනවා.
ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ නිකොලස් මදුරෝ අළු පැහැති ක්‍රීඩා ඇඳුමකින් (Tracksuit) සැරසී සිටින අතර, ඔහුගේ දෑස් කළු පැහැති ආරක්ෂිත ආවරණයකින් වසා ඇති අයුරු දැකගත හැකියි.
එසේම ඔහු ශබ්ද පාලනය කරන හෙඩ්සෙට් (Noise-canceling headphones) පැළඳ සිටින අතර, අතේ වතුර බෝතලයක් රඳවාගෙන සිටියි.
එම ඡායාරූපය පහතින්,

Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026