General14 January 2026

අමෙරිකාව රටවල් 75කට වීසා නිකුත් කිරීම අත්හිටුවයි

මහජන සුභසාධන ප්‍රතිලාභ අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ල දක්වමින්, පකිස්ථානය ඇතුළු රටවල් 75ක ජාතිකයින්ට මෙම සංක්‍රමණික වීසා නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මෙම තීරණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කරන ලද පුළුල් ප්‍රතිපත්ති සමාලෝචනයක කොටසක් වන අතර, ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් මූල්‍යමය වශයෙන් ස්වයංපෝෂිත විය යුතු බවත්, ඇමරිකානු බදු ගෙවන්නන්ට බරක් නොවිය යුතු බවත් නැවත අවධාරණය කර තිබෙනවා.

නව නියෝගය යටතේ, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉරානය, ඉරාකය, නයිජීරියාව, රුසියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය ඇතුළු ලැයිස්තුගත රටවල සංක්‍රමණික වීසා අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ නියමිත වීසා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීම දිගටම කරගෙන යා හැකියි.

කෙසේ වෙතත්, විරාමය තුළ මෙම රටවල ජාතිකයින්ට කිසිදු සංක්‍රමණික වීසා බලපත්‍රයක් නිකුත් කෙරෙන්නේ නැහැ.

මෙම පියවර කලින් නිකුත් කරන ලද කිසිදු සංක්‍රමණික වීසා බලපත්‍රයක් අවලංගු නොකරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes