General25 January 2026

පළාත් කිහිපයකට හෙට දිනයේදීත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට හෙට (26) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් එම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලටද පස්වරු කාලයේ මිලිමීටර් 50 කට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes