International08 February 2026

ජපාන මහ මැතිවරණය අද

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙනු ඇති බව සඳහන්.

මේ වන විට මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවනවා.

ඇයගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවටයි මත පළ වී තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes