General09 February 2026

තැපැල් ගාස්තු අද සිට ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මේ යටතේ සාමාන්‍ය සහ ලියාපදිංචි ලිපි බෙදීමේ ගාස්තු රුපියල් 20 කින් ඉහළ යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව දැනට රුපියල් 50 ක් ලෙස පවතින මුද්දරයක අවම මිල රුපියල් 70 ක් දක්වා ඉහළ යනු ඇති.

අමාත්‍යංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් සේවා ලියාපදිංචි ගාස්තුව, මුද්‍රිත ද්‍රව්‍ය විවෘත පැකට්ටු සේවාව, ප්‍රචාරණ තැපැල් සේවාව, ටෙලිමේල් සේවාව, මුද්දර කවර, තැපැල් මලු සේවාව ද මේ යටතේ ගාස්තු සංශෝධනය වලංගු වනවා.

එසේම, රුපියල් 110 ක් ලෙස පවතින ලිපි ලියාපදිංචි කිරීමේ අවම ගාස්තුවද රුපියල් 130 ක් ලෙස ඉහළ යනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes