International07 March 2026

ඕනෑම ආරක්ෂක තර්ජනයකට මුහුණ දීමට එමීරය සූදානමින් - ජනාධිපති මොහොමඩ් බින් සයීඩ්

ඕනෑම ආරක්ෂක තර්ජනයකට මුහුණ දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සූදානමින් පසුවන බව එරට ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ වෙසෙන සියලුම පුරවැසියන්ගේ, පදිංචිකරුවන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තම රජයේ ඉහළම ප්‍රමුඛතාවය බවයි.

මෙම ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා රට පූර්ණ වශයෙන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම, මෑතකදී සිදුවූ ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් සිය ශෝකය පළ කළ ජනාධිපතිවරයා, එම ප්‍රහාරවලින් තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබන්නැයිද ප්‍රාර්ථනා කර තිබෙනවා.

මූලාශය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes