International12 March 2026

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

වසර 13 ක් කෝමා තත්ත්වයෙන් ජීවිත ආධාරක පද්ධතියක් ආධාරයෙන් ජීවත් වූ 31 හැවිරිදි තරුණයෙකුගේ එම පද්ධති ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

එරට අධිකරණයේ එවැනි තීන්දුවක් ලබාදී ඇත්තේ ප්‍රථම වතාවටයි.

හරිෂ් රාණා නමැති මෙම තරුණයා 2013 වසරේදී ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් කෝමා තත්ත්වයෙන් පසු වුණා.

වසර ගණනාවක් පුරා ඔහුගේ මව්පියන් සිය පුතුට ගෞරවාන්විතව මිය යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය උපදෙස් මත ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර ඉවත් කිරීමට මෙහිදී අවසර දී ඇති අතර අදාල වෛද්‍ය මණ්ඩලවලට රෝගියාගේ ජීවිත ආධාරක පද්ධති ඉවත් කිරීම පිළිබඳ සායනික තීරණයක් ගැනීමට එමගින් නීතිමය අවසරය හිමිවනවා
Related recommendation
Hiru TV News | Programmes