International14 March 2026

'කර්ග්' දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බව ඇමෙරිකානු මධ්‍යම විධානය කියයි

ඉරානයේ කර්ග් දූපත (Kharg Island) ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ ප්‍රහාරය "විශාල පරිමාණයේ නිරවද්‍ය ප්‍රහාරයක්" බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) නිවේදනය කරනවා.

සිය ‘X’ ගිණුම හරහා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර මගින් දූපතේ තිබූ නාවික බෝම්බ ගබඩා, මිසයිල ගබඩා කිරීමේ බංකර සහ තවත් වැදගත් හමුදා ඉලක්ක රැසක් විනාශ කිරීමට හැකි වූ බවයි.

ඇමෙරිකානු හමුදා විසින් ඉරාන හමුදා ඉලක්ක 90කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරය හරහා විනාශ කර ඇති බවත්, එම මෙහෙයුමේදී දූපතේ ඇති තෙල් යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි ක්‍රියා කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, ඉරාන නිලධාරියෙකු මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දූපතේ තෙල් අපනයන කටයුතු කිසිදු බාධාවකින් තොරව "සම්පූර්ණයෙන්ම සිදුවෙමින් පවතින" බවත් තෙල් සමාගම්වල ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes