International19 March 2026

ඉරාන මිසයිල ප්‍රහාරයකින් කටාර්හි ප්‍රධාන LNG මෙහෙයුම් මධ්‍යස්ථානයකට දැඩි හානි

ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගෑස් පහසුකම් මධ්‍යස්ථානයක මෙහෙයුම් නතර කර ඇති බවත්, සවුදි අරාබිය තමන් වෙත එල්ල වූ ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල සාර්ථකව මැඩපැවැත්වූ බවත්, ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මීට පෙර ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියේ කොටසක් වන ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය ඊශ්‍රායලයට දොස් පවරා තිබෙනවා.

ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් සිදු කළ බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව මේ දක්වා නිල වශයෙන් එය තහවුරු කර නොමැත.
Related recommendation
Hiru TV News | Programmes