නවතම '2026 ලෝක සතුටු වාර්තාවට' (World Happiness Report 2026) අනුව, ලොව සතුටින් අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙනවා.
රටවල් 147ක් අතුරින් 134 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4.0කි.
මෙය මෙරට ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වය මනාව පිළිබිඹු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
පසුගිය 2025 වසරේ 133 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර එක් ස්ථානයකින් පසුබෑමට ලක්ව තිබෙනවා.
කලාපීය අසල්වැසි රටවල් හා සැසඳීමේදී ද ශ්‍රී ලංකාව පසුපසින් සිටින අතර, එහිදී ඉන්දියාව 116 වැනි ස්ථානය දිනාගෙන ඇති අතර පකිස්ථානය සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් පසුවෙනවා.
ඊයේ (18) නිකුත් කරන ලද මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, දර්ශකයේ පහළ මට්ටම්වල පවතින රටවලට පවතින සමාජීය සහ ආර්ථික දුෂ්කරතා දිගින් දිගටම බලපාන බවයි.
ජීවන තෘප්තිය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අභියෝගයට ශ්‍රී ලංකාව තවමත් මුහුණ දෙමින් සිටින බව එහි සඳහන්.
මෙවර අධ්‍යයනයේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ සතුට කෙරෙහි සමාජ මාධ්‍යවලින් එල්ල වන බලපෑමයි.
විශේෂයෙන්ම තරුණ පරපුර අතර අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය ජීවන තෘප්තිය පහළ යාමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය සහිත මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඇතැම් රජයන් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට පියවර ගනිමින් සිටින බව ද වාර්තාවේ සඳහන්.
දර්ශකයේ පෙරමුණ දෙස බැලීමේදී, ෆින්ලන්තය අඛණ්ඩව නවවැනි වරටත් ලොව සතුටින්ම පසුවන රට ලෙස සිය ස්ථානය රැකගෙන තිබෙනවා.
අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන ලබාගෙන තිබෙනවා.
මේ අතර, ලතින් ඇමරිකානු රටක් මෙතෙක් වාර්තා කළ ඉහළම ස්ථානය සනිටුහන් කරමින් කොස්ටාරිකාව සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ ප්‍රජාවගේ ජීවන තෘප්තිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත්, ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් වාර්තාව පෙන්වා දෙනවා.
එහෙත් අනෙකුත් කලාප කිහිපයක තරුණ පරපුර ජීවිතය පිළිබඳ වඩාත් යහපත් ආකල්ප දරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Latest News
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
13 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026