International23 March 2026

"ඔහු මියයනවා දකින්න මම කැමති නැහැ" : ඉරාන නව උත්තරීතර නායකයා ජීවතුන් අතරදැයි ට්‍රම්ප් සැක පළ කරයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තවමත් ජීවතුන් අතර සිටින්නේද යන්න පිළිබඳව තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අද (23) මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, නව නායකයාගෙන් තමන්ට කිසිදු පණිවිඩයක් හෝ ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවයි.

ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, "ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවාද කියා කවුරුත් දන්නේ නැහැ. ඔහුට මොකද වුණේ කියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුණත් ඔහු මියයනවා දකින්න මම කැමති නැහැ." යනුවෙන්.

පසුගිය පෙබරවාරි මස අගභාගයේදී සිදුවූ ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අලි කමේනි මියයාමෙන් පසු, ඔහුගේ පුත් මොජ්තබා කමේනි නව නායකයා ලෙස පත් කෙරුණු අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes