General10 April 2026

බලශක්ති ඇමති ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණයක් මේ වන විට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දී පැවැත්වෙනවා.


ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාවයට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගි වී සිටිනවා.

ඊට අමතරව ජනතාවද එම විරෝධතාවයට සම්බන්ධ වී සිටිනවා.

ඔවුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ බාල ගල් අඟුරු වංචාව නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇති බැවින් විෂය භාර අමාත්‍යවරයා වහාම එම ධූරයෙන් ඉවත් කරන ලෙසටයි.


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද(10) දිනය තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes