ඉරාක රජයක් පිහිටුවීමට බාධාවක්ව පැවති දීර්ඝකාලීන දේශපාලන අර්බුදය නිමා කරමින්, එරට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස නිසාර් අමෙඩි (Nizar Amedi) තෝරා පත් කරගෙන ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
කුර්දිස්තාන් දේශප්‍රේමී සංගමය (PUK) නියෝජනය කළ අමෙඩි, පසුගිය සෙනසුරාදා පැවැති දෙවන වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 227ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තා.
ඔහු සමඟ තරඟ වැදුණු ස්වාධීන අපේක්ෂක මුතානා අමීන් නඩේර්ට ලබාගත හැකි වූයේ ඡන්ද 15ක් පමණි.
ඒ අනුව 2003 වසරේ සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඉරාකයේ 6 වන රාජ්‍ය නායකයා ලෙස 58 හැවිරිදි අමෙඩි ඉතිහාසයට එක්වෙනවා.
ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ නව ජනාධිපතිවරයා කියා සිටියේ තම රට මුහුණ දී සිටින අභියෝගවල බරපතලකම තමන් හොඳින් අවබෝධ කරගෙන සිටින බවයි.
"ඉරාකය ප්‍රථම ස්ථානයට" යන මූලධර්මය මත පිහිටා රජයේ සියලු අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ඔහු එහිදී ප්‍රතිඥා දුන්නා.
එමෙන්ම මෑතකදී ඇති වූ යුදමය වාතාවරණයන්හිදී ඉරාකයට එල්ල වූ ප්‍රහාරයන්ද ඔහු සිය කතාවේදී දැඩි ලෙස හෙළා දුටුවා.
මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ සති කිහිපයක යුද්ධය අවසන් වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.
මෙම යුද සමයේදී ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාක හමුදා සාමාජිකයන් පිරිසකටද ජීවිත අහිමි වුණා.
ඉරාකයේ පවතින බලය බෙදාගැනීමේ ක්‍රමවේදය අනුව ජනාධිපති ධුරය කුර්දි ජාතිකයෙකුටත්, කථානායක ධුරය සුන්නි මුස්ලිම්වරයෙකුටත්, අගමැති ධුරය ෂියා මුස්ලිම්වරයෙකුටත් හිමි විය යුතුයි.
ජනාධිපතිවරයා පත්වීමත් සමඟ දැන් සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ වඩාත් බලගතු අගමැති ධුරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම කෙරෙහියි.
පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ඉරාන හිතවාදී ෂියා පක්ෂ සන්ධානය වන 'සංවිධාන රාමුව' (Coordination Framework) විසින් හිටපු අගමැති නූරි අල් මලිකිගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, අල් මලිකි අගමැති වුවහොත් ඉරාකයට ලබාදෙන සහයෝගය නතර කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබීම නිසා තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබෙනවා.
වසර ගණනාවක් රාජ්‍ය සේවයේ නිරත වී ඇති නිසාර් අමෙඩි, මීට පෙර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු ලෙසත්, 2022-2024 කාලයේ පරිසර අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයෙක්.
ඉරාක ව්‍යවස්ථාවට අනුව නව රජයක් පිහිටුවීම සඳහා අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමට ඔහුට දින 15ක කාලයක් හිමි වෙනවා.
Latest News
පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට
Local
21 July 2026
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026