General12 April 2026

පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

හොරණ පොලිස් වසමට අයත් මල්වානේගම ප්‍රදේශයේදී ඊයේ (11) දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු සහ අසල්වාසී පුද්ගලයෙකු අතර කාලයක සිට පැවති පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වහාම හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ වන විට මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් 32 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ඇතැයි පොලිසිය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes