International13 April 2026

ඉරානය ගිවිසුමකට එන්න ‘ඉතා ඕනෑකමින්’ බලා සිටිනවා - ජනපති ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

ඉරානය පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඉතා දැඩි ලෙස එකඟතාවයක් (Deal) අපේක්ෂාවෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අදාළ පාර්ශ්වයන් (Appropriate people) අද උදෑසන තමා අමතමින් සාමූහික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දුන් බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

එමෙන්ම, ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් සන්තක කර නොගත යුතු බවත්, එම කොන්දේසියට එකඟ නොවන්නේ නම් ඔවුන් සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ඔහු සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes