කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්රාහිම් (Faishal Ibrahim) සිය අමාත්‍ය ධුරයෙන් සහ පාලක 'ජනතාවගේ ක්‍රියාකාරී පක්ෂයෙන්' (PAP) ඉල්ලා අස්වී තිබෙනවා.
සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොං (Lawrence Wong) විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව සහ අමාත්‍යවරයා අතර වැඩිදුර සබඳතා අන්තර්ජාල පණිවුඩ ඔස්සේ පවත්වා ගෙන ගොස් ඇති බවත්, ප්‍රසිද්ධ උත්සව අතරතුරදී ඔවුන් හමුවී ඇති බවයි.
පසුව දෙපාර්ශ්වය විසින්ම එකිනෙකාට එරෙහිව හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරගෙන ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙම සිදුවීමේදී කිසිදු අපරාධමය වරදක් සිදුව නොමැති බව තහවුරු වී තිබුණද, දේශපාලනඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පවත්වාගෙන යා යුතු ආචාරධර්ම සහ ප්රමිතීන් කඩවීම හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුව තිබෙනවා.
තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ෆයිසාල් ඉබ්රාහිම් සඳහන් කර ඇත්තේ, අදාළ කාන්තාව සමග කිසිදු කායික සබඳතාවක් නොපැවැත්වූවත්, ආරම්භයේදීම නිසි සීමාවන් පවත්වා ගැනීමට අපොහොසත් වීම සහ සිදු වූ වරද පිළිබඳව තමන් කණගාටු වන බවයි.
2006 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 2025 වසරේදී ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.
අතිශය පිරිසිදු දේශපාලන ප්‍රතිරූපයක් පවත්වාගෙන යන පාලක 'ජනතාවගේ ක්‍රියාකාරී පක්ෂය' (PAP) මෑත කාලයේදී මුහුණ දුන් දේශපාලන අර්බුද මාලාවක තවත් එක් අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා.
මීට පෙර සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් ද අල්ලස් සහ දූෂණ චෝදනා මත වරදකරු වූ අතර, තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිපදෙනෙකුම විවිධ චෝදනා හමුවේ ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණා.

Latest News
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026